Posts

Showing posts from April, 2023

Andakare Man Lyrics | Dilo | අන්ධකාරේ මං Lyrics

Image
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා.. තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා.. මං යන්නම් කවුරුත් නැති ලෝකේ.. ඇවිදා මම හතිදා පමා වෙලාදෝ.. නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ.. ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ.. උදව් කරා මං කාටත් ඒ කෙසේ.. හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්.. මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්.. අන්ධකාරේ මං.. අන්ධකාරේ මං.. කාවත් සම්බන්ධ කරගත්තේ නෑ.. ළඟ හිටි අය වෙනස් වෙද්දී.. මං පාඩුවෙ කැපුනෙ.. යාලුවෙක් වත් නැත ළඟ.. රඟපාල යන්න ගියා ගානට.. ඔළු අතගාලා බං.. අතගාලා බං.. විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං.. ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා.. කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං.. ළඟ හිටි අය ගියා හිත පාරා.. මනුස්සකම දැන් තියාගන්න රස්නෙට.. විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට.. දිනෙක ඔබද මමද මේ පොලොවට.. පස් වෙලා යයි ඩෝ.. අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා.. තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා.. මං යන්නම් කවුරුත් නැති ලෝකේ. ඇවිදා මම හතිදා පමා වෙලාදෝ.. නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ.. එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ.. සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට.. කලකිරිලනම් අවසානේ නිහඬව...

Laga Lagatama Lyrics | Shan Putha and Thiwanka Dilshan | ළඟ ළඟටම Lyrics

Image
කෙල්ලේ මං හඳේ දුර ඇදේ.. ඔය දෑස සොයා.. හැන්දෑ කළුවරේ දිලිසුණේ.. ඒ ඔබේ සිනා.. නින්ද මට නොයේ.. පැටලුණේ මේ හැඟුම් සරා.. එන්න ඉඩ තියේ මයේ හදේ.. ඔබේ නමින් ලියා.. ළඟ ළඟටම ඇවිත් ඔයා.. තියන්න හිත අවුස්සලා.. හිනැහෙන කොට ආස වෙලා.. මගේ හිත මටම හොරා.. ළඟ ළඟටම ඇවිත් ඔයා.. තියන්න හිත අවුස්සලා.. හිනැහෙන කොට ආස වෙලා.. මගේ හිත මටම හොරා.. මගේ හිත මටම හොරා.. මන්තරේ වගේ දිව අග මිමිනෙන වචනය නමම තමා.. යන්තම් පොඩි එක මොහොතක හමුවෙමු අඩමතින් නුරා.. පෙම් කවි මල් මල් මලා අරගෙන ගෙලෙහි දමා.. ලං කර ගස්සාපං උකුල උකුල ම'හද සලා.. ඒයි, මාගම්පුර.. මල් ගවුම පාට පාට.. හිච්චි නගේ මං දැක්කා මූණේ පිං පාට, හේයි.. පස්සෙන්ම ගාට ගාට.. හොරා වගේ සුදු එන්නම් මං රෑට රෑට, හේයි.. කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ.. මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ.. පාඩම් හිටින්නැති චක්කරයක් වගේ.. ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ.. පිස්සුවක් මේක විනාසකාරී.. මම ලිස්සුවා දුවද්දී ප්රේම පාරේ.. හරි ලස්සන ගැහැණු ළමයෝ.. කරගන්නයි ඕනේ බාරේ කර කරේ, හේයි.. කප්පරකට දෙන්නම් මං ආලේ.. ආ, එක්කරගෙන යන්නං හඳේ යන පාරේ.. සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ.. තප්පරයක් පාහේ ආදරෙයි වාගේ.. ඒ, ළඟ ...

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

Image
ඔය නෙතඟින් පෑ නුරා.. ගත හිරි වැටී ගියා.. නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා.. මන බැඳුණු රූ සරා.. සුර ලොව මවා තියා.. ළඟ දැවටි දැවටි හිත දවා ගියා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා.. නුඹ වෙතම යා වුණා.. දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත, ආහ්.. දැන් ගැස්මත් නුඹයි හද මා.. ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා.. නුඹේ බැල්මක් වැටෙන තුරා.. වරු ගාණක් බලන් හිටි මා.. ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා.. ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා.. එන්නෙමි නුඹ හා.. ගමි කරකාර.. මේ හද නුඹේ තමා.. ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා.. එන්නෙමි නුඹ හා.. ගමි කරකාර.. මේ හද නුඹේ තමා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා.. ඔය නෙතඟින් පෑ නුරා.. ගත හිරි වැටී ගියා.. නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා.. මන බැඳුණු රූ සරා.. සුර ලොව මවා තියා.. ළඟ දැවටි දැවටි හිත දවා ගියා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ...

Manike Mage Hithe Lyrics | Yohani | Satheeshan | මැණිකේ මගේ හිතේ Lyrics

Image
මැණිකේ මගේ හිතේ.. මුදුවේ නුරා හැඟුම් යාවී.. ඇවිලේ වී.. නෙරියේ නුඹේ නගේ.. මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේ වී.. මා හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. මැණිකේ මගේ හිතේ.. මුදුවේ නුරා හැඟුම් යාවී.. ඇවිලේ වී.. නෙරියේ නුඹේ නගේ.. මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේ වී.. ඉතිං එපා මටනං වංගු.. ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු.. ආලේ නුඹටම වලංගු.. මැණිකේ වෙන්නෙපා තව සුනංගු.. ගමේ කටකාරම කෙල්ල.. හිත වෙලා නුඹේ රුවට බිල්ල.. නෙතින් නෙත ගත්තාම අල්ල.. මගේ හිතත් නැහැ මටම මෙල්ල.. කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු.. වෙනවාද තව ටිකක් කිට්ටු.. මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ.. ඔයා දුන්න ඉඟියට මත් වූ.. බඹරෙකි මම තටු ඉස්සූ.. ඔයා වටකරගෙන රැස් වූ.. රොත්තෙන් හිත අරගත්තු බඹරා.. මා හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. මැණිකේ මගේ හිතේ.. මුදුවේ නුරා හැඟුම් යාවී.. ඇවිලේ වී.. නෙරියේ නුඹේ නගේ.. මගෙ නෙත් එ...

Hadaganna Me Hitha Lyrics | Centigradz | ආලේ මාල් Lyrics

Image
හදාගන්න මේ හිත මාගේ.. හිනාවෙන්න මා රවටා.. දමායන්න දෝ ලං වුයේ.. කියා දෙන්න වරද සොයා.. එදා දුන්න ආදර ලෝකේ.. හදේ ගැස්ම දෝරෙ ගලා.. හමා යන්න මාරුත ගින්නේ.. සදාකල්ම අතැර දමා.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. සැනසුනදා නෑ ආයේ එන්නේ.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. සැනසුනදා නෑ ආයේ එන්නේ.. (RAP) මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා.. පායා ආ තරු සිඳුනා.. සන්තාපේ මා වේලුනා.. නෑ මා නම් හැඬවූයේ.. සංසාරේ රිදවූයේ.. ජිවිතයේ සැනසුවේ.. ආදරයේ අරුමේද මේ.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. නෑ මා නම් හැඬවූයේ.. සංසාරේ රිදවූයේ.. ජිවිතයේ සැනසූවේ ආදරයේ.. අරුමේද මේ.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. සැනසුනදා නෑ ආයේ එන්නේ.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. හ්ම්.. ම්.. ම්.. හ්ම්.. ම්.. Artist : Centigradz Music :  Thusith Niroshana Lyrics : Sajith Dilpahan

Atha Ran Wiman Lyrics | Priya Suriyasena | ඈත රන් විමන් Lyrics

Image
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී.. ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී.. මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා.. හහ හා හහහා හහ හා හාහහා.. මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්.. මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්.. මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා.. හහ හා හහහා හහ හා හාහහා.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. අද රෑට අද රෑට අද රෑට දිලෙනවා.. හහ හා හහහා හහ හා හාහහා.. ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී.. ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී.. ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා.. හහ හා හහහා හහ හා හාහහා.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. අද රෑට අද රෑට අද රෑට දිලෙනවා.. Artist : Priya Suriyasena Music : Clarence Wijewardena Lyrics : Prema Keerthi De Alwis

Siththam Karamin Lyrics | Dayan Witharana | සිත්තම් කරමින් Lyrics

Image
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.. කවදා හෝ යළි දකින තුරා.. රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ.. යළි මගෙ සවනත වැකෙන තුරා.. විඳින්න දුන් ජීවිතය අරන් මම.. විඳවන්නද මේ භවය පුරා.. දෙලොවක් අතරේ සරන ඔබේ සිත.. මෙතරම් සසලෙන්නැතුව ඇති.. ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට.. වැඩියෙන් දුක දැනෙනවා ඇති.. විඳින්න දුන් ජීවිතය අරන් මම.. විඳවන්නද මේ භවය පුරා.. භවයෙන් භවයේ අහිමිව හිමිවන.. නොපිරූ පාරමිතාව පුරා.. සමුගනිමු ද අපි අපේම වූ.. මතු භවයක යළි හමුවෙමුයි පතා.. විඳින්න දුන් ජීවිතය අරන් මම.. විඳවන්නද මේ භවය පුරා.. Artist : Dayan Witharana Music : Dilshan L Silva Lyrics : Lasitha Jayaneththi Arachchige

Diwrala Pawasanna Lyrics | Centigradz | දිවුරාලා පවසන Lyrics

Image
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්.. මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්.. එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්.. ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්.. හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා.. සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා.. ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ.. මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ.. සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා.. ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා.. සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා.. ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා.. හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා.. සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා.. ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ.. මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ.. Artist : Centigradz Music : Thusith Niroshana Lyrics : Sajith Dilpahan

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Image
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල.. පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට.. නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල.. නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම.. හිත බැඳි ස්නේහවන්ති නුඹ.. වැඩිපුර ආලවන්ත වුන.. උනුහුම් තාල ගේන හිත.. හෙමින් සැලුනා පෙමින් වෙලුනා.. විරසක හීන මංසලක.. නැවතුනේ මා නොවෙයි එ ඔබ.. නුහුරු නුපුරුදුව ඈත දුර.. ගිහින් තිබුනා පෙමින් මිදුනා.. විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ.. බිඳුවක් මා ළයේ නුඹ සොයනා.. ඇරයුම් නොකළ පෙම් සාදේ.. නුඹ කෝ අහිමි සඳ මාගේ.. පිලියම් සොයමි තුන් යාමේ.. තහනම් වචනය කි ආලේ.. Artist :  Bhashi Devanga Music :  Bhashi Devanga Lyrics : Nisal Gamage

Mage Hitha Hari Kalabala Lyrics | Dilu beats | මගෙ හිත හරි කලබල Lyrics

Image
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල.. නිතරම හිතවතියේ.. නුඹ මගෙ ලඟ උන් හැටි.. සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ.. නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා.. අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා.. ඔය නෙතු හමුවන තුරු පාර දිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ.. සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු.. ඉවසුම් නෑ.. නුඹ ලඟ මගෙ පාලු මෑකේවී.. මගෙ අඳුරට නුඹ සඳ වේවී.. නුඹ වෙත මගෙ රහස ඇසේවී.. සඳ අද මගෙ අහසෙ දිලේවී.. නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා.. අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා.. ඔය නෙතු හමුවන තුරු පාර දිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. Artist : DILU Beats Music : DILU Beats Lyrics : Ashan Perera, Dileepa Madushan

Api Sanasille Lyrics | Wayo | අපි සැනසිල්ලේ Lyrics

Image
උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ.. නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ.. තාමත් එහෙමයි – මට අමතක නෑ.. තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ.. ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ.. තාමත් එහෙමයි – මට අමතක නෑ.. තාමත් එහෙමයි – කිසි වෙනසක් නැ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ.. රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ.. තාමත් එහෙමයි – මට අමතක නෑ.. තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං … Artist : Wayo Music :  Senaka Batagoda Lyrics :  Senaka Batagoda

Api Kawuruda Lyrics | Wayo | අපි කවුරුද Lyrics

Image
සී  සීකඩ විසිරුනු සිතිවිලි.. දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ.. හුදකලාවෙ තනිවී සිටියාම.. සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ.. මෙහොතින් මොහොතට ගෙවනා කාලය.. දැනෙවා කාටත් එක විදිහට.. ගිනියම් ඉර සඳ සිසිලස.. අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද.. ගීයකි ලොව සිතුවම් කර.. අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද.. ඉර බැසයන ගොම්මන් යාමේ.. තරු එක එක දිලිසෙන ආකාසේ.. ගලා හැලෙන රිද්මේ නැහැවි.. ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලග සේ.. මෙහොතින් මොහොතට.. ගිනියම් ඉර සඳ සිසිලස.. අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද.. ගීයකි ලොව සිතුවම් කර.. අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද.. Artist : Wayo Music :  Senaka Batagoda Lyrics :  Senaka Batagoda

Oba Mulin Dutuwa Dina Ma Lyrics | Sohan Weerasinghe | ඔබ මුලින් දුටුව දින මා Lyrics

Image
ඔබ මුලින් දුටුව දින මා.. මුළු හදවතින්ම බැදුනා.. මතකයි ඒ දිනේ රහසේ බැදුනා.. අාදරේ අාදරේ.. හිත ඔබ ළගින්ම රැදුනා.. මට කියා දෙන්න සිතුනා.. තාමත් පවසා ගනු බෑ මහදේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. කිසිවෙකුත් නොමැත අසලා.. කාටවත් නොමැත කියලා.. මාගෙන් කිසිදා නොඅැසූ නොකියූ.. අාදරේ අාදරේ.. සුරගනක් ලෙසින් දකිනා.. සුභ දසුනකි මන බදිනා.. ඔබගෙන් තව නෑ පැතුවේ පතනා.. අාදරේ අාදරේ අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. සිහිනෙනුත් ඔබව දුටුවා.. සැබැවිනුත් ඔබව දුටුවා.. දෙනෙතින් ඔබගේ දුටුවේ ළදුනේ.. අාදරේ අාදරේ අාදරේ.. තනිකමෙන් පාළුවෙන් මා.. අද ගෙවන දිවිය සැමදා.. ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ.. අාදරේ අාදරේ අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදර...

Ananthayata Yanawamai Lyrics | Senaka Batagoda | කරකාරෙ බඳින්නට Lyrics

Image
සිහින මවන්නැති අහස උසට තනියම.. ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර.. ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද.. හදට දැනෙන දේවල් ඇයි එතරම් බර.. සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.. හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... සෑම දෙයම නිම විය හැක නිමේෂයක.. එහෙම වුනෝතින් මොනව හිතන්නද.. සිහින විමන් වල කවුළු පියන් හැරුනම.. අනන්තයට යනවාමයි ඒ මොහොතෙම.. සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.. හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.. හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... Artist : Senaka Batagoda Music : Senaka Batagoda Lyrics : Senaka Batagoda