Atha Ran Wiman Lyrics | Priya Suriyasena | ඈත රන් විමන් Lyrics
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී..
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී..
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා..
හහ හා හහහා හහ හා හාහහා..
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්..
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්..
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා..
හහ හා හහහා හහ හා හාහහා..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා..
හහ හා හහහා හහ හා හාහහා..
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී..
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී..
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා..
හහ හා හහහා හහ හා හාහහා..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා..
Artist : Priya Suriyasena
Music : Clarence Wijewardena
Lyrics : Prema Keerthi De Alwis

Comments
Post a Comment