Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

ඔය නෙතඟින් පෑ නුරා..

ගත හිරි වැටී ගියා..

නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා..


මන බැඳුණු රූ සරා..

සුර ලොව මවා තියා..

ළඟ දැවටි දැවටි හිත දවා ගියා..


ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ..

දිලෙනා දිගු වරල දිගේ..

හද මා නුඹ වෙතම යා වුණා..


ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ..

දිලෙනා දිගු වරල දිගේ..

හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා..


නුඹ වෙතම යා වුණා..


දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත, ආහ්..

දැන් ගැස්මත් නුඹයි හද මා..

ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා..


නුඹේ බැල්මක් වැටෙන තුරා..

වරු ගාණක් බලන් හිටි මා..

ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා..


ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා..

එන්නෙමි නුඹ හා..

ගමි කරකාර..

මේ හද නුඹේ තමා..


ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා..

එන්නෙමි නුඹ හා..

ගමි කරකාර..

මේ හද නුඹේ තමා..


ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ..

දිලෙනා දිගු වරල දිගේ..

හද මා නුඹ වෙතම යා වුණා..


ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ..

දිලෙනා දිගු වරල දිගේ..

හද මා නුඹ වෙතම යා වුණා..


ඔය නෙතඟින් පෑ නුරා..

ගත හිරි වැටී ගියා..

නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා..


මන බැඳුණු රූ සරා..

සුර ලොව මවා තියා..

ළඟ දැවටි දැවටි හිත දවා ගියා..


ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ..

දිලෙනා දිගු වරල දිගේ..

හද මා නුඹ වෙතම යා වුණා..


ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ..

දිලෙනා දිගු වරල දිගේ..

හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා..


නුඹ වෙතම යා වුණා..


නුඹ වෙතම යා වුණා..



Artist : Nilan Hettiarachchi,

Music : Chamath Sangeeth

Lyrics : Dulanja Alwis (Dulan ARX)

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Karakare Badinnata Lyrics | Upali Kannangara | කරකාරෙ බඳින්නට Lyrics